සෑම
සංවිධානයක්ම , ප්‍රමාණය සහ
ක්‍රියාත්මක වන විෂය ප්‍රදේශය නොසලකා බන්දවගැනීමේ සම්මුඛ පරීක්ෂණ කාලීන ආකාරයට ,
එනම් සෑම තැනකම
පවතින ක්‍රියාවලියක් වන රැකියා අවස්ථාවක්
සඳහා සේවා යෝජකයා විසින් ඇගයුම් කරණු ලබන ආකාරයට පවත්වනු ලැබේ . පෞද්ගලික බඳවා
ගැනීම් වල ස්වභාවය, "Online
" එළැඹුමට මතුවූ නැඹුරුව සමග වෙනස්වී තිබේ .
මෙම පර්යේෂණයේදී අප සම්මුඛ පරීක්ෂණයට භාජනය වන්නාගේ පෞරුෂත්ව ලක්ෂණ හඳුනා
ගැනීමටත් පෞරුෂත්ව ලක්ෂණයට අදාලව ප්‍රදර්ශනය කල මට්ටමට අනුව වර්ග කිරීමට ,
මුහුණේ හැගීම් ප්‍රකාශණය
හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් සහ කටහඬ විශ්ලේෂණය මගින් රාජකාරි කටයුතු වලදී ඉහල
සන්නිවේදන මට්ටමක් අවශ්‍ය IT රැකියා අවස්ථා සඳහා ළැදිකම, සහයෝගය දැක්වීම ,
විශ්වාස සහගත බව සහ
චිත්තවේගාත්මක ස්ථායී බව යන පෞරුෂත්ව ලක්ෂණ ගැලපීමට ICT මත පදනම් වූ විසඳුමක් සපයනු ලබයි .
පාලිත ව්‍යුහාත්මක
නොවන සම්මුඛ පරීක්ෂණ , සම්මුඛ
පරීක්ෂණ ක්‍රියාවලියේදී ඇසට පෙනෙන දේ හඳුනාගැනීමට සහ ඔවුන් සම්මුඛ
පරීක්ෂණයේදී තක්සේරු කරන ලක්ෂණ
හඳුනාගැනීමට බඳවාගැනීම් හසුරුවන්නන් සමග
පවත්වනු ලැබේ .බඳවාගැනීමට සහභාගී වන්නන් Expert sampling මගින් තෝරාගනු
ලබයි . "Big Five personality
Model " මත පදනම්ව ව්‍යුත්පන්න
පෞරුෂයට අදාල තේමාවන් වෙන්කරනු ලැබේ .ගුණාත්මක දත්ත වලංගු කිරීම දැනටමත් බඳවා
ගන්නා ලද සේවානියුක්තියන් අතර "Goldberg
's Big Five personality Model " මත පදනම්ව කරන ලද
පෞරුෂත්ව පරීක්ෂණය මගින් සිදු කරනු ලබයි .මෙම ක්‍රමය මගින් පෙර සඳහන් කරණ ලද
පෞරුෂත්ව ගුණාංග හඳුනා ගැනේ . දත්ත එක්රැස් කිරීමේ දෙවන අදියර ලෙස ශබ්දය අවම කරණ
ලද පරිසරයක මාස 06 සිට අවරුදු 04
දක්වා රැකියා
අත්දැකීම් ඇති IT ව්‍යාපාර
විශ්ලේෂකයන්ගේ (පිරිමින් 26 , කාන්තාවන් 10) තාක්ෂණික නොවන මුහුණට මුහුණලා කෙරෙන
පෙරහුරු සම්මුඛ පරීක්ෂණ 36 ක වීඩියෝ සහ හඬ පටිගත
කරගත හැකිවිය . පරීක්ෂා කිරීමේ හා ඇගයීමේ පරමාර්ථයෙන්
"Online " ආකාරයට
සිදුකරනු ලබන සම්මුඛ පරීක්ෂණ 08 ක් සමාන
පරිසර තත්ත්ව යටතේ පටිගත කරගන්නා ලදී ."Piolet
rating " මගින් ගති ලක්ෂණ 4ක් අනුරූප ප්‍රශ්ණ සමග සම්බන්ද ( Map
) කරණ ලද අතර ඉහලින්ම ශ්‍රේණිගත
කරණ ලද ප්‍රශ්ණ තෝරාගන්නා ලද අතර ඒවාගේ පිළිතුරු වෙන් කරගන්නා ලදී . පසුව එම
වීඩියෝ සහ හඬ පට
මිනිස් තක්සේරු කරන්නන් 5 දෙනෙකුට දෙන
ලද අතර 1 සිට 5 දක්වා පරිමාණයට
ඇගයුම් කරණු ලැබීය . ප්‍රාන්තර ආකාරයෙන් ඇගයුම් ප්‍රතිපල වෙනස් පංති 4 කට වෙන් කරණ ලදී .
මුහුණට
මුහුණලා කෙරෙන සහ "Online "
සම්මුඛ
පරීක්ෂණ වල හඬ පට අනවශ්‍ය ශබ්ද අවම කරණ ලද සහ audacity මගින් වෙන්කරණ ලද MP3 ආකෘතිය ආකාරයෙන්
පටිගත කරගන්නා ලදී . ඉන්පසු PRAAT භාවිතයෙන් එම වෙන්කරගන්නා ලද ප්‍රශ්ණ 4 හි පිළිතුරු
තෝරාගන්නා ලද අවාචික "Paralinguistic " සංඥා තීව‍්‍රතාව(intensity)(මධ්‍යම,අවම ,උපරිම ) , තාරතාව(Pitch)(මධ්‍යම,අවම ,උපරිම),සාධන්ත(formants)(F1,F2,F3,F4 ) සහ ඒවාගේ අදාල
කලාප පළල(bandwidth) සඳහා
විශ්ලේෂණය කෙරිණි . වීඩියෝ දත්ත සමුහය "Emotient " නම් වාණිජ මෘදුකාංගයක්
භාවිතයෙන් විශ්ලේෂණය කරණ ලදී . යොදා ගන්නා ලද පරාමිතියන් වන්නේ සතුට , ශෝකය , අවඥාව , කෝපය , පිළිකුල , බිය සහ විමතියයි .
අනෙක් පරාමිතියන් 3ක් වන අවධානය ,
බැඳීම සහ මනෝභාවය
අපේක්ෂකයාගේ මූලික හැඟීම් වලින් ඇතිවිණි . මුහුණේ සංඥා සහ වාචික වර්ණාවලිය (vocal
spectrum) විශ්ලේෂණයෙන්
ලබාගත් දත්ත සඳහා , එක් එක්
අපේක්ෂකයාගේ වාචික සහ මුහුණේ සංඥා සඳහා මිනිස් ඇගයීම් සිදුකරන්නන් විසින්
ලබාදුන් ලකුණු ගණන් වලින් උපදින ලද සාමාන්‍යය ඇගයීම් අගයන් මගින් වර්ගීකරණ ප්‍රතිදාන
පංති අගයන් ඇති කරණ ලදී . මුහුණේ සංඥා
විශ්ලේෂණය වර්ගීකරණය සඳහා "BayesNet" , "Naive Bayes" සහ "SVM"
යන ප්‍රධාන වර්ගකාරක(classifiers)
3 භාවිත කරණ ලදී .
වාචික වර්ණාවලිය (vocal spectrum) විශ්ලේෂණයෙන් ලබාගත් දත්ත "BayesNet" ,
"SVM" , "Random Tree" සහ "Random Forest" සමග භාවිත විය .
ප්‍රතිපල වලට අනුව චිත්තවේගී ස්ථායී බව හඬ සහ
වීඩියෝ අනුව ක්‍රියාවට නැංවීමේදී හා පරීක්ෂා කිරීමේ අදියර වලදී සමස්ථ ඉහල නිවැරදි
තාවන් (බොහෝ විට 85% ට වැඩි ) වලදී වර්ග කිරීම් වලට අනුව ලබාගත්
ගුණාංගය විය . පර්යේෂණ සොයාගැනීම් වලට අනුව , "Random Forest " සහ "Random
Tree " වැනි "Tree"
වර්ගීකාරකය(classifier ) මත පදනම් වූ
වර්ග කිරීමේ ආකෘතීන් සංසන්දනාත්මකව හොඳින් වාචික සංඥාවන් සමග සම්බන්ද
ගුණාංග සමග සහ "LibSVM " වැනි
"Function " වර්ගීකාරක(classifier
) 65% ට
වැඩි නිවරදිතාවක් මුහුණේ සංඥාවන් සමග සම්බන්ද ගුණාංග සම්බන්දයෙන් ලබාගෙන ඇත . මෙම පර්යේෂණය ANN විශාල නියැදි අගයන් සඳහා සලකමින් අනෙකුත් පෞරුෂත්ව ලක්ෂණ විවිධ රැකියා අවස්ථා සහ විවිධ ජාතීන් දක්වා දීර්ඝ කල හැකිය
. ඉහත සොයා ගැනීම් අනාගතයේ "Real
World Application " වැඩිදියුණු කිරීම සඳහා කරනු ලබන පර්යේෂණ වලට උපකාරයක් වේවි .
A.T Rupasinghe , N.L Gunawardena , D.A.S Athukorale
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
