අප පිළිබඳව කෙටියෙන් (Introduction)

uniගවේෂණ යනු  හුදෙක් තවත් එක් බ්ලොග් අඩවියක්ම පමණක්  නොව කොළඹ  විශ්ව විද්‍යාලයිය පරිගණක අධ්‍යයනායතනයේ ඉගෙනුම  ලබන  අප විසින් සියලු නව  දැනුම පිපාසිතයන් උදෙසා නිර්මාණය කරන්නට යෙදුනු සමාජ  මෙහෙවරක  එක් අඩිතාලමක් පමණි. මෙතෙක්  කාලයක්  පුරාවට විශ්ව  විද්‍යාලයීය ශිෂ්‍යයන්ට පමණක් සීමාව තිබූ research පිලිබඳව දැනුම සමස්ත ජනතාව වෙනුවෙන්ම බෙදා හැරීම හේතු පාදක  කරගෙන දිගහැරෙන්නා  වූ uniගවේෂණ බ්ලොග් අඩවිය භාවිතා කර ඔබ යමක් දිවියට එකතු කරගන්නේ නම් එය අප ලබන්නා  වූ මහත් ජයග්‍රහණයක් කොට සලකමු .

එසේම මෙම බ්ලොග් අඩවිය විවිධ පුද්ගලයන් විසින් කරනු ලැබූ research පිළිබඳව විස්තර කිරීම උදෙසා ලියවුවක් වන අතර ඔබට යම් තාක්ෂණික ගැටළුවක් හෝ research පිළිබඳව වැඩි දුර විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය වේ නම් සෑම ලිපියක් අවසානයේම අප සඳහන් කර ඇති research එක හා සම්බන්ධ පුද්ගලයෙකු සම්බන්ධ කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...!!!

අප විසින් පල කරන ලද පොස්ටුවක යම්  අඩුපාඩුවක් හෝ නිවැරදි  කර ගත යුතු යමක් වේ නම් ඒ පිලිබඳව සදහන් කිරීමෙන් අපට සහය දක්වන්නේ නම් එය මහත් උපකාරයක් කොට සලකමු. ස්තුතියි ...!!!

12 comments:

  1. කොළඹ විශ්ව විද්‍යාලයිය පරිගණක අධ්‍යයනායතනයේ සිසුන් විසින් හා එම ආචාර්යවරුන්ගේ මෙවැනි research පිලිබඳව දැනුම සමස්ත ජනතාව වෙනුවෙන්ම බෙදා හැරීමට ඔබලා ගන්න මේ වෑයම ඉතාමත් අගයකරනවා .

    ReplyDelete
  2. ඇත්තට වශයෙන්ම මෙහෙම දෙයක් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව විද්‍යාලයිය සිසුන් වශයෙන් අපි ගොඩක් සතුටු විය යුතුයි.

    ReplyDelete
  3. වටින වැඩක්.. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන​/ නොලබන හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනව​. දිගටම post දාන්න.

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි අංජන..:)

    ReplyDelete
  5. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ඉටුවිය යුතු‍යැයි පවසන සමාජ මෙහෙවරයන්ගෙන් ප්‍රදාන මෙහෙවරක් ලෙස තමන් ලැබූ දැණුම සමජගත කිරිම සැලකිය හැක. එම මෙහෙවර සාර්තකව දියත් කිරිමට ඔබ පිරිස තැබු මෙම පියවර ගැන ව්ශ්ව විද්‍යාල ශිෂ්‍යකු ලෙස ඉමහත් ලෙස ස්තුතිවන්ත වෙමි.

    ReplyDelete
  6. විශ්ව විද්‍යාලය තුළ සිදුවන research පිළිබදව විශ්ව විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන අපට මෙන්ම භාහිර සමාජයද දැණුමක් ලබාගන්නා අතරම ඔවුන් අප විශ්ව විද්‍යාලය පිළිබදව දැනුවත් වීමද මෙමගින් සිදුවන බැවින් බොහෝ ප්‍රථිපලදායී වැඩක්..

    ReplyDelete
  7. කොලඹ විශ්ව විද්යාලයීය පරිගණක අද්යනායතනය මගින් සිදුවන ගවේශණ පිලිබඳ ව මුලු රට ම දැනුවත් කිරීමට ගත් මේ උත්සහය ඉතාමත් අගය කොට සැලකිය යුතුයි. සුභ පැතුම්.. :)

    ReplyDelete
  8. සමාජයට වටින ප්‍රථිපලදායී වැඩක්....

    ReplyDelete
  9. ආඩම්බරයි සහෝදරයා, දිගටම ලියන්න.

    ReplyDelete