Sunday, May 15, 2016

Cricket සංචිතය තේරීමට නිවැරදි ක්‍රමවේදයක්

cricket කියන්නේ ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් ලංකාවේ මිනිසුන්ගේද තමන්ගේ ආගමට පසුව ක්‍රිකට් ක්‍රීඩාව තියනවා කිව්වොත් වරදක් නැ. ඉතින් මිනිසුන් අතර මෙතරම් ජනප්‍රිය මෙම ක්‍රීඩාව මිනිසුන්ගෙන් ඉවතට නොයාමට කණ්ඩායමේ ජයග්‍රහණය ඉතා වැදගත්. ලෝකයේ cricket ක්‍රීඩාකරන බොහොරටවල් තමන්ගේ රටේ කණ්ඩායම ජයග්‍රහණය කරවීම සදහා නොයෙකුත් සොයාගැනීම් කරනවා නවීන තාක්ෂනය යොදාගෙන අන්න ඒ විදිහට තොරතුරු තාක්ෂණයේ දැනුම භාවිතයෙන් නිවැරදි සංයුතියකින් යුතුව පෙර දක්වා ඇති දස්ක්ෂතව පදනම් කරගෙන cricket සංචිතයක් තොරණ ආකාරය ගැන UCSC එකෙන් කරපු ගවේෂණයක් ගැන තොරතුරු ටිකක් කියන්න තමයි හදන්නේ.

අද කාලේ ක්‍රීඩා පිටිය තුල බොහෝ කණ්ඩායම් ඔව්න්ගේ කණ්ඩායම් වශයෙන් සහ ක්‍රීඩකයන් වශයෙන් දක්ෂතාවය උපරිම කරගෙන කණ්ඩායම් වාසිය තම පැත්තට නතු කරගැනීමට උත්සහ කරයි. එහිදී ප්‍රදාන වශයෙන් කණ්ඩායම තේරීම පිලිබදව සැලකිලිමත් වෙයි Manually ක්‍රීඩකයින් තෝරාගැනීමේදී බොහෝවිට දක්ෂක්රිදකයින් මගහැරීමට පුළුවන් නමුත් මෙම හදුන්වාදෙන ක්‍රමවේදය තුලින් එය අවම කරගෙන වඩාත් නිවැරදි කණ්ඩායම තෝරාගැනීමට හැකි වේ.

දැනට පවතින ක්‍රම වේදය සහ අනිකුත් දෑ සලක බැලීමෙන් පසු මේ සදහා fuzzy logic පාදක කරගනිමින් යොජනාවක් මෙහෙදී ඉදිරිපත් කරයි. මේ සදහා යෝජනා කරනු ලබන ක්‍රමවේදය සදහා sub systems 3 ක් අඩංගු වේ එනම්

  • Player rating and best 15 selection module(ක්‍රීඩක තක්සේරුව සහ හොදම 15 තේරීමේ ඒකකය)
  • All rounder identification module(තුන්ඉරියව් ක්‍රීඩකයන් හදුනාගැනීමේ ඒකකය)
  • Best team combination selection module(හොදම කණ්ඩායම් සංයුතිය තේරීමේ ඒකකය)
මෙම ක්‍රමවේදයට අදාල Architectural view එක පහත රුපය මගින් නිරුපනය කරන අතර එමගින් මේ පිලිබදව ඔබට වැඩි අවබෝදයක් ලබාගත හැක.


මේ සදහා ප්‍රථමයෙන් ක්‍රීඩකයන්ගේ අතීත දක්ෂතා ඇතුලත් නිවැරදි data set එකක් අවශ්‍ය වන අතර එය එය සකසගැනීම සදහා ESPNCricinfo web site එක බවිත කරනු ලබයි. මෙම data set එක සාදාගැනීමේදී පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ කඩුලු රැකීම යන අංශ තුනටම අදාල කරුණු නිවැරදිව ඇතලත් කරනු ලැබේ. ඉන්පසුව එක් එක් ක්‍රීඩකයාට ඉහත සදහන් අංශ 3 යටතේ fuzzy scores ලබාදීම සදහා fuzzy interface system(FIS) එකක් සාදනු ලබයි. FIS අවශ්‍ය output එක තීරණය කිරීම සදහා අදාල FIS එකට තියනවා  එකට සම්බන්ද input variables, fuzzy rule set සහ membership functions.

FIS සැදීමේදී ඉහත සදහන් කරුණු වලට අමතරව එක් එක් ක්‍රීඩකයාට අදාල තවත් විශේෂිත වූ කරුණු 4 පිලිබදව සැලකිලිමත් වේ එනම්
  • overall performance
  • current form
  • opponent country
  • first class match performance
අවසානයට එක් එක් ක්‍රීඩකයාගේ ඉහතින් සදහන් කල ලකුණු වලට අදාල data ඇතුලත් කල විට මෙම FIS මගින් එම ක්‍රීඩකයාට fuzzy score එකක් ලබාදෙන අතර system එක මගින් එම ලකුණු වලට අදාලව ක්‍රීඩකයන්ද rank එකක් ලබදෙයි.මෙම rank කිරීම සිදුකරනු ලබන්නේද ඉහතින් සදහන් කරල ලද අංශ 3 ට අදාලව වේ.අදාල තරග සංචාරය සදහා හොදම 15 දෙනාගේ සංචිතය තෝරාගැනීමට ඉහත සදහන් කල ranking වලින් උඩින්ම සිටින ක්‍රීඩකයින් 7:6:2 (batting:bowling:wicket-keeping) අනුපාතයට තෝරාගනු ලබයි. ඉන්පසුව all-rounder identification module මගින් පන්දු යැවීමේ සහ පන්දුවට පහර දීමේ fuzzy score පාදක කරගනිමින් විසිරි තිත් සටහනක්(scatterplot) එකක් අදිනු ලබන අතර එමගින් ක්‍රීඩකයන්ගේ නියැදිය කොටස් 4 ට බෙදනු ලබයි එම කොටස් පහත පරිදි වේ.

  • specialist batsman
  • specialist bowler
  • under performer
  •  all-rounder
මෙම සියලුම කොටස් අවසන් වූ පසුව දෙනු ලබන ප්‍රතිවාදී රටක් සදහා විශේෂ වූ රටක වෙශේෂ වූ ස්ථානයක් සදහා හොදම කණ්ඩායම් සංයුතිය තේරීම සදහා artificial neural network සහ decision tree යොදාගැනීම මෙමගින් සිදුවේ.

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය 
හසංක ගල්ගමුව                    එච් .එල් ප්‍රේමරත්න                   මන්ජුශ්‍රි වික්‍රමසිංහ 

Related videos



No comments:

Post a Comment