පරිගණක අනුරුපනය (computer simulations) යනු භෞතික පද්දතීන් හෝ ක්‍රියාවලියන් පරිගණකය තුල ප්‍රතිනිර්මාණය (mimicking) කිරීමේ ජනප්‍රිය ක්‍රමයක්. එය සැබෑ භෞතික පද්දතිය ගැන නිවැරදි අවබෝදයක් ලබාගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා. මේ අතරිනුත් සජීවී අනුරුපනය (real-time simulation) ප්‍රධාන වශයෙන් එදිනෙදා ජීවිතයේදී මුල්‍ය වෙළඳපොල අනාවැකි හා සංකීර්ණ ක්‍රීඩා වැනි දේ සඳහා යොදාගන්නවා. ඉතින් මේ අද්‍යයනයේදී අපි අරමුණු කරගන්නේ Ram-air පැරෂුටයක ගතිකත්වයන් ප්‍රතිනිර්මාණය කල හැකි සජීවී පරිගණක අනුරුපන පද්දතියක් නිර්මාණය කිරීමයි. Ram-air පැරෂුට යනු පැරෂුට් බටයන් අතර ජනප්‍රිය පැරෂුටයක්. මෙහිදී අප යෝජිත මොඩලය පරශෂුට් බටයන් පුහුණු කල හැකි සජීවී දෘශ්‍ය අනුරුපන පද්දතියක් (real-time visual simulation system) දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ පර්යේෂණයේදී අපි ram-air වර්ගයේ පැරෂුටයක හැසිරීම පිලිබඳ පුළුල් අද්‍යයනයක් සිදුකරනවා. Ram-air පැරෂුටයක් අඩු දර්ශන අනුපාතයක් (aspect ratio) සහිත පියාපතක් ලෙසද සැලකිය හැකියි. එසේහෙයින් පියාපතක හැසිරීම මත බලපවත්නා භෞතික විද්‍යාත්මක මුලදර්ම හා සමීකරණ යම්තාක් මට්ටමක් දක්වා Ram-air පැරෂුටයකටද අදාළ කරගත හැකියි. Ram-air පැරෂුටයක් මත යෙදෙන ප්‍රධාන බලයන් වන්නේ වයුගතික එසවීමේ බලය (lift) හා වත ප්‍රතිරෝද (drag) බලයයි. එලෙසම වයුගතික ඝූර්ණය (aerodynamic moments) මෙම පද්දතිය සැලසුම් කිරීමේදී අවදානයට යොමුවන තවත් කරුණක්.
මුලික වයුගතික බල සහ ඝූර්ණ සමීකරණයන්ට අමතරව දෘශ්‍ය ස්කන්ධය (apparent mass) නමැති සංසිද්දිය පිළිබඳවද අපට අවධානය යොමු කිරීමට සිදුවන්නේ Ram-air පැරෂුට යනු දෘඩ නොවන (non-rigid ) දෙයක් වුවත් එහි කොටස් හරහා වයුධාරා ගලයාමේදී එය අර්ධ දෘඩ (semi-rigid) වස්තුවක් බවට පරිවර්තනය වීම හේතුවෙන් සැලකියයුතු මට්ටමේ දෘශ්‍ය ස්කන්ධ බල සහ ඝුර්ණ ඇතිවීම නිසයි. මෙම පද්දතිය සැලසුම් කිරීමේදී අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ වයුගතික බල සහ ඝූර්ණ සමීකරණයන් සඳහා වන සංගුණක ගොඩනැගීමයි. wind tunnel අත්හදාබැලීම් මාර්ගයෙන් මෙම අගයන් නිවැරදිව මැන ඇති අතර අප මෙමෙ අද්‍යයනයේදී එම අගයන් යොදාගන්න ලදී.
Ram-air පැරෂුටයේ පරිගණක අනුරුපන පද්දතිය නිර්මාණය සඳහා 6DOF මොඩලය (six degree-of-freedom model) භාවිත කරන ලදී. මෙම මොඩලය මගින් අප පැරෂුටයේ පිහිටීම, දිශාමුඛය සහ කෝණික හා රේඛිය ප්‍රවෙගයන්ද ගණනය කරනු ලබනවා.
මෙහි දැක්වෙන්නේ යෝජිත පද්දතියේ ආකෘතියක්. පද්දතිය වෙත පරිශීලක ආදාන වර්ග 2ක් ලබාගනු ලබනවා. පළමුවැන්න නම් තිරිංග ක්‍රියාත්මක වීමේදී ඇතිවන අවර දාරයේ අපගමනය වන අතර අනෙක දිශානතිය වෙනස් කිරීම සිදුකරන අවර දාරයේ අසමමිතික අපගමනයයි.
තවද දී ඇති උසකදී වාතයේ ගණත්වය මනාගැනීම සඳහා ගණත්ව මානයක්ද මෙයට ඇතුලත් වනවා.
පැරෂුටයේ භෞතික හා තාක්ෂණික දත්ත මෙන්ම පාරිසරික දත්ත ලබාගැනීම දත්ත ගබඩා දෙකක් මගින් සිදුකරනු ලබනවා. යජිත මොඩලය විශ්ලේෂන සඳහා සත්‍ය සංසිද්දී වලදී පුළුල් ලෙස අත්හදා බලා ඇති අතර මේ සඳහා RA 1 නමැති එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් භාවිත කරනු ලබන පැරෂුට මොඩලය භාවිත කරනු ලැබුවා.
මෙම පර්යේෂණයේ ඇති එක් ගැටළුවක් වන්නේ ඇගයීම් සඳහා ඇති දත්තයන්ගේ මද කමයි. නොත්‍රඩෑම් සරසවිය හා NASA ආයතනය එක්ව සකස්කළ දත්ත සමුදායක් පවතින අතර එය මෙම ක්ෂේස්ත්‍රයේ සියලුම පර්යේෂණ සඳහා පුළුල් ලෙස යොදාගනු ලබනවා. ඇගයීම් කටයුතු සඳහා යොදාගනු ලැබුවේද එම දත්ත සමුදායයි. පද්දතිය මගින් අනුරුපිත දත්ත සැබෑ දත්ත සමග ඇගයීම සඳහා සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රම යොදාගනු ලැබුවා.
සඳරුවන් ගුණසිංහ කපිල ඩයස් දමිත සඳරුවන්
කොළඹ විශ්වවිද්‍යාලිය පරිගණක අද්‍යයන ආයතනය

No comments:
Post a Comment