අද වන විට smart phone ලෝකයට නැතුවම බැරි අංගයක් වී හමාරයි. smart phone සමග එන ඒවායේ සිත්ගන්නාසුළු හා සංකීර්ණ විශේෂාංග දැක්කම මේ phone එක අතේ ගෙනියන පරිගණකයක් කියල කිව්වොත් වැරද්දක් නෑ. ඉතින් මේ දියුණුවීම් හා නවීන උපාංගවලට තිබෙන ආසාව නිසා පාරිභෝගිකයන් හරිම ඉක්මනින් smart phone මාරු කරනව. ඒක නිසාම ඉවතලන උපාංග ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනව. smart phone එකක් භාවිතයෙන් ඉවත් කරන්න යල් පැනයාම ඇරෙන්න වෙනත් හේතු රාශියක් තියෙනව. screen එකට වෙන හානි, වතුරෙන් වෙන හානි, අලුත් phone වර්ග පැමිණීම, බැටරියේ වෙන ප්‍රශ්න ඒ හේතුවලින් කිහිපයක්. වාසනාවට phone එකේ මතුපිටට වෙන හානියක් නිසා ඉවත දාන smart phone බොහොමයක් නැවත භාවිතයට ගන්න පුළුවන් තත්වයේ තියෙනව.
Quadcopter එකකට ඕන වෙන sensor inputs, processing power, communication infrastructure, camera capabilities වගේ බොහොමයක් දේවල් smart phone එකක ඉතාම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒ නිසා quadcopters සඳහා ඉවතලන smart phone නැවත භාවිතා කරන්න පුළුවන්.
ඉවතලන smart phone නැවත භාවිතා කරල quadcopters වලට ඕන වෙන අවශ්‍යතා සපුරාලන්න තියෙන සම්භාවිතාව විනිශ්චය කිරීම තමයි මේ research එකේ පදනම. දැනට යෝජනා කරල තියෙන ප්‍රධාන අදියරවල් හතර වන survey on discarded smart phones, feature comparison, implementation, evaluation පලවෙනි රූපයෙ පෙන්නල තියෙනව. මුලින්ම statistical analysis model එක යටතෙ ඉවතලන smart phone නැවත භාවිතා කරන්න තියෙන හැකියාවන් සහ අදහස් කරන් ඉන්න research methodology එකේ ගැටළු හොයා ගන්න සමීක්ෂණයක් පැවැත්වුවා. සමීක්ෂණ ප්‍රතිඵල අනුව 78% ක් smart phone බැටරි ප්‍රශ්න, අලුත් phone වර්ග පැමිණීම, touch ප්‍රශ්න, screen එකට වෙන හානි නිසා භාවිතයෙන් ඉවත් කරනව. 47% ක් ඉවතලන smart phone මොනවත් නොකර තියාගන්නව. ඉවතලන smart phone වලින් 74% ක Android මෙහෙයුම් පද්ධතිය වැඩ කරනව. මේ ප්‍රතිඵල පදනම් කරගෙන ඉවතලන smart phone වල ඉතිරි වෙලා තියෙන හැකියාවන් quadcopters වල අවශ්‍යතා සදහා යොදාගන්න පුළුවන් බව ඔප්පු කරන්න statistical comparison එකක් පැවැත්වුවා. ඒ සදහා 87.5% ක හැකියාවක් තියෙන බව හොයාගන්න පුළුවන් වුණා.
මේ ප්‍රවේශය වලංගුද නැද්ද කියල බලන්නත් ප්‍රායෝගික ප්‍රශ්න තේරුම් ගන්නත් smart phone features යොදාගෙන quadcopters සදහා දෘඩාංග සහ මෘදුකාංග කිහිපයක් ක්‍රියාත්මක කරා. මුලින්ම quadcopter එක මත පොලිතින් ෆෝම් සහ ප්ලාස්ටික් ටයි පටි යොදාගෙන smart phone එකක් සවි කරනු ලැබුවා. quadcopter එක පාලනය කරන්න Wi-Fi සහ 3G සන්නිවේදන යාන්ත්‍රණ යොදාගැනීම ඉතා වැදගත් ක්‍රියාවලියක් වුණා. mavlink protocol එක සහ 3DR services දත්ත සන්නිවේදනය සදහා යොදා ගනු ලැබුවා. Android service එකක් ලෙස camera application එකක් නිර්මාණය කරල තියෙනව. quadcopters සදහා GSM සන්නිවේදනය භාවිතා කරල Android SMS API සහ GPS module යොදාගෙන geo location finder application එකක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
evaluation අදියර අංශ කිහිපයක් යටතේ සිදුකරනු ලැබුවා. smart phone casing එකක් යොදාගෙන vibration reduction X Y Z අක්ෂ ඔස්සේ පිලිවෙලින් 77.89%, 58.83%, 53.24% අගයන් ලබා ගත්ත. smart phone එකේ බැටරිය quadcopter එකත් එක්ක ගෙනයාමේ අදාලත්වය මනින්න සමීකරණයක් ගොඩනගනු ලැබුවා. Wi -Fi සහ 3G සන්නිවේදන ක්‍රම දෙක සදහාම maximum communication distance සහ quadcopter command passing සදහා ගතවන අවම කාලය විශ්ලේෂණය කරනු ලැබුවා. command passing process 92% ක සාර්ථකත්වයක් ලැබුන. දැන් පවතින researches සංසන්දනය කරමින් quadcopter operations සදහා smart phone camera එකේ භාවිතයන් විශ්ලේෂණය කරනු ලැබුවා.
මෙහි යෝජනා කරල තියෙන්නෙ quadcopters මත ඉවතලන smart phone නැවත භාවිතය සදහා නව ප්‍රවේශයක්. පරණ ප්‍රවේශ එක්ක සංසන්දනය කරනකොට ඉවතලන උපාංග යොදාගන්න එකේ වාසි රාශියක් තියෙනව. cost effectiveness, comparatively high performance, communication interfaces(GSM, 3G, 4G and Wi-Fi), GPS + GLONASS navigation system, mobile application programming interface ඒවායින් කිහිපයක්. ඒ වගේම යෝජනා කල යාන්ත්‍රණයට range of communication, limited camera capabilities, suitability of Android in real time applications වැනි සීමාවන් කිහිපයක් තියෙනව. quadcopter PID controller එක sensor integration සහ sensor fusion එක්ක mobile based application එකක් විදියට දියුණු කිරීම වැඩිදුර දියුණුකිරීම් වලට ඇතුළත් වෙනව.
ධර්මදාස M. A. I. M. , ඉසුරු V. A. , ජයසිංහ D. V. B. C. , කැප්පිටියගම C. I.
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

No comments:
Post a Comment